1 ලේකම් 20

20
රබ්බා වැටලීම
1වසරේ වසන්ත සමයේ, රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, යෝවාබ් හමුදාව මෙහෙයවා අම්මොන්වරුන්ගේ දේශය වනසා අවුත්, රබ්බා වැටලී ය. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය. යෝවාබ්, රබ්බාට පහර දී, එය නාස්ති කළේ ය. 2දාවිත් ඔවුන්ගේ රජුගේ හිසෙන් ඔටුන්න ගත්තේ ය. එහි බර රත්රන් තලෙන්තයක් බව දැනගන්නට ලැබිණි. එහි අනර්ඝ ගලක් ඔබ්බවා තිබිණි. එම ඔටුන්න දාවිත්ගේ හිසේ තබන ලදී. ඔහු පුරවරයෙන් අති මහත් ප්‍රමාණයක කොල්ලයක් ගත්තේ ය. 3ඔහු එහි ජනයා පිටතට රැගෙන අවුත්, කියත්, යකඩ ගල්කටු හා පොරෝවලින් බර වැඩෙහි යෙදවී ය. දාවිත් අම්මොන්වරුන්ගේ සියලු නගරවලට එසේ කළේ ය. ඉන්පසු දාවිත් හා ඔහුගේ මුළු මහත් හමුදාව ආපසු යෙරුසලමට ආහ.
පිලිස්තිවරුන් සමඟ යුද්ධයක්
4කලකට පසු ගෙසෙර්හි දී පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතීය සිබ්බෙකයි, රෙෆායිවරුන්ගෙන් පැවත එන්නකු වූ සිප්පයි මරා දැමී ය. පිලිස්තිවරු ද යටත් කරනු ලදහ.
5පිලිස්තිවරුන් සමඟ තවත් යුද්ධයක් විය. එහිදී යායීර්ගේ පුත් එල්හානාන්, ගිත්තීහි#20:5 ගිත්තීහි එනම් ගාත්හි ගොලියත්ගේ සහෝදරයා වූ ලහමී මරා දැමී ය. ඔහුගේ හෙල්ලයේ මිට රෙදි වියන්නකුගේ දණ්ඩකට සමාන විය.
6ගාත්හි තවත් යුද්ධයක් විය. එක් අතක අතැඟිලි හය බැගින් හා එක් පයක පයැඟිලි හය බැගින් ඇඟිලි විසිහතරකින් යුත් මිනිසෙක් එහි සිටියේ ය. ඔහු ද රාෆාගෙන්#20:6 රාෆාගෙන් එනම් යෝධයින්ගෙන් පැවත ආයේ ය. 7ඔහු ඉශ්‍රායෙල්ට අවඥා කරද්දී, දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත් යොනාතාන් ඔහු මරා දැමී ය.
8ගාත්හි රාෆාගේ පරපුරින් පැවත ආ ඔවුහු දාවිත්ගේ ද ඔහුගේ මිනිසුන්ගේ ද අතින් මැරුම් කෑහ.

දැනට තෝරාගෙන ඇත:

1 ලේකම් 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න