1 ලේකම් 11:22-25
1 ලේකම් 11:22-25 SCV
යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; ඔහු මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්‍රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු ද මැරී ය. තවද ඔහු රියන් පහක් උස ඊජිප්තු ජාතිකයකු ගසා හෙළී ය. ඊජිප්තුවාගේ අතේ වියන්නකුගේ දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණ ද බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන, ඔහු මරා දැම්මේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය.

