ගීතාවලිය 150

150
පැසසුම් ගීයක්
1සමිඳාණන් වහන්සේ පසසන්න.
දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න.
එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න.
2එතුමාණන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමාණෝ පසසන්න.
එතුමාණන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමාණෝ පසසන්න.
3හොරණෑ නාදයෙන් එතුමාණෝ පසසන්න.
කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමාණෝ පසසන්න.
4රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමාණෝ පසසන්න.
වීණාවෙන් හා නළාවෙන් එතුමාණෝ පසසන්න.
5හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමාණෝ පසසන්න.
6ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා!
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 150: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න