ගීතාවලිය 138
138
සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය
දාවිත්ගේ ගීතයකි.
1සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
4සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.
5එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය;
ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
6සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක.
එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
7මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක.
ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක.
ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක.
සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය.
ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 138: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: