ගීතාවලිය 137
137
විප්‍රවාසගත වූවන්ගේ පැතීම
1බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු.
සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.
2එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු.
3එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි.
අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
4විදේශයක දී, සමිඳාණන් වහන්සේගේ ගීතය අපි කෙසේ ගයමු ද?
5එම්බා ජෙරුසලම!
තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!
6මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
7සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.
8 #
එළිද 18:6
අහෝ බබිලෝනිය!
විනාශකාරී බබිලෝනිය!
තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
9තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 137: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: