ගීතාවලිය 11
11
සමිඳාණන් වහන්සේ කෙරේ තිරසර බැති පෙම
දාවිත්ගේ ගීතයකි.
1හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත.
එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
2අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති;
අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති.
3පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
4හිමිතුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක.
එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය.
හිමිතුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
5සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක;
එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;
6දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක;
ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
7හිමිතුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි.
දැහැමි අය එතුමාණන්ගේ මුහුණ දකින්නෝ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 11: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: