ගණන් කථාව 30:1-2

ගණන් කථාව 30:1-2 SNRV

මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ: ‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.