ගණන් කථාව 27:12-14

ගණන් කථාව 27:12-14 SNRV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න. නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත. මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)