ගණන් කථාව 27:12-14
ගණන් කථාව 27:12-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අබාරීම් කඳු පෙළෙහි මෙම කන්ද උඩට නැග, ඉශ්රායෙල් ජනයාට මා දුන් දේශය නරඹන්න. ඔබ එය නැරඹූ පසු, ඔබේ සහෝදර ආරොන් මෙන් ඔබත්, මිය ගිය ඔබේ ජනතාවට එක්වනු ඇත. මන්ද සීන් කාන්තාරයේ ජලය අසලදී ඉශ්රායෙල් ප්රජාව කැරලි ගැසූ අවස්ථාවේ, ඔබ දෙදෙන මගේ අණට අකීකරු ව, ඔවුන් ඉදිරියේ මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන ලෙස කටයුතු නො කළ බැවිනි” යි පැවසූ සේක. මෙම ජලය, සීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරීබා ජලය ය.
ගණන් කථාව 27:12-14 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්රායෙල් පුත්රයන්ට දී තිබෙන දේශය බලන්න. නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය. මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.
ගණන් කථාව 27:12-14 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න. නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත. මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)
ගණන් කථාව 27:12-14 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න. නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත. මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)
ගණන් කථාව 27:12-14 New International Version (NIV)
Then the LORD said to Moses, “Go up this mountain in the Abarim Range and see the land I have given the Israelites. After you have seen it, you too will be gathered to your people, as your brother Aaron was, for when the community rebelled at the waters in the Desert of Zin, both of you disobeyed my command to honor me as holy before their eyes.” (These were the waters of Meribah Kadesh, in the Desert of Zin.)