මීකා හැඳින්වීම
හැඳින්වීම
දිවැසිවර යෙසායාගේ සමකාලිකයෙකු වූ මීකා නම් දිවැසිවරයා ජුදා නම් දකුණු දිශා රාජ්‍යයේ වැසියෙකි. ආමොස් දිවැසිවරයා උතුරු දේශ රාජ්‍යයේ විනාශය සම්බන්ධයෙන් කී දේ, දකුණු දේශ රාජ්‍යයටත් වන බව මොහු ප්‍රකාශ කෙළේ ය. සෙනඟගේ ද්වේෂ සහගත අයුක්තියට දෙවියන් වහන්සේ දඬුවම් කරන බව ඔහු ප්‍රකාශ කෙළේ ය. එසේ වුව ද අනාගත බලාපොරොත්තුව පිළිබඳ වැදගත් කරුණු ඔහුගේ පණිවුඩයේ ගැබ් වී ඇත.
විශේෂයෙන් සැලකිය යුතු පාඨ කීපයක් මේ පොතේ ඇත.
1. දේව පාලනය යටතේ ඇති වන සාධාරණ සාමය පිළිබඳ දර්ශනය: (4:1-4)
2. ජාතියට සාමදානය ගෙන දෙන, දාවිත්ගේ පරපුරෙන් පැමිණෙන, උදාර ගුණ ඇති රජ කෙනෙකු පිළිබඳ අනාවැකියක්: (5:2-4)
3. දිවැසිවරුන්ගේ පණිවුඩයේ හරය ගෙනහැර පාන එක් වැදගත් පදයක්: (6:8)
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1–3:12 ඉශ්රායෙල් සහ ජුදා කෙරෙහි දේව විනිශ්චය.
පරිච්ඡේද 4:1–5:15 පුනරුත්ථාපනය හා සාමය.
පරිච්ඡේද 6:1–7:20 අනතුරු ඇඟවීමේ හා බලාපොරොත්තුවේ පණිවුඩ.
දැනට තෝරාගෙන ඇත:
මීකා හැඳින්වීම: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න