ජෝබ් 12
12
ජෝබ්ගේ පිළිතුර
1ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:
2“ඔබයි, පණ්ඩිතවරු!
ඔබ මියයන දා ප්‍රඥාවත් මිය යනු ඇත!
3මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද?
මම ඔබට දෙ වැනි නොවෙමි.
ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?
4මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි;
එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි.
අනේ!
දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!
5සැප ඇති අය අසරණයන් සුළු කර සිතති;
වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.
6කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි;
දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති.
ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.
7එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න;
උන් ඔබට උගන්වනු ඇත.
අහසේ සියොතුන්ගෙන් අසන්න;
උන් ඔබට දන්වනු ඇත.
8පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත.
මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.
9සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නෝ ඔවුන්ගෙන් කවුරු ද?
10දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.
11දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
12වයස්ගත අය හට ප්‍රඥාව ඇත.
වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ.
13දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත.
විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.
14එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත.
එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.
15එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ.
යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.
16බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත.
රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.
17එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක;
විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.
18එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;
19එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක.
බලවතුන් පහළට හෙළන සේක;
20එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක;
මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක.
21එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක;
වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළන සේක.
22කළුවර තැන්වලට ආලෝකය එවන සේක;
තිත්ත කළුවර ආලෝක කරන සේක,
23එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක;
ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.
24එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක;
හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;
25ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති;
වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් 12: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න