ජෝබ් 10
10
1“මට ජීවිතය තිත්ත වී ඇත;
මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
2මම දෙවිඳුන්ට මෙසේ කියමි:
‘මා වරදට පත් නොකළ මැනව;
මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
3මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?
4ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ.
ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.
5ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ.
ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.
6-7ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද?
මාගේ පව් විමසන්නේ මන් ද?
8ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක.
ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?
9ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න.
දැන් ඔබ මා යළි දූවිල්ලට හරවන සේක් ද?
10කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;
11ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
12ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක.
දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.
13එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක.
ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.
14මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක;
මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.
15මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත!
මම දැහැමි කෙනෙක් වීම් නම්, ලජ්ජාවෙන් මිරිකී කාලකණ්ණි ව සිටිනු මිස හිස එසවීමක් මට නැත.
16මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
17මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක.
මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක.
පහර පිට පහර මට එල්ල කරන සේක.
18‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද?
කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.
19උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
20මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.
21මම විගසින් තුරන් වී යමි;
ගොස් කිසි දා ආපසු නොඑමි.
අඳුරු, කළුවර දේශයට යමි.
22ඒ දේශය වියවුලින් පිරී ඇත;
දැඩි අන්ධකාරයෙන් ද කළු සෙවණැල්ලෙන් ද වියවුලෙන් ද පිරී ඇත.
එහි ආලෝකය පවා අන්ධකාරයකි.”
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් 10: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: