යෙසායා 40:6

යෙසායා 40:6 SNRV

“පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය. “කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි.