උත්පත්ති 9:20-24

උත්පත්ති 9:20-24 SNRV

ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ. නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට