උත්පත්ති 9:20-24
උත්පත්ති 9:20-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නෝවා ගොවිතැන් කරන්නට පටන් ගෙන, මිදි වත්තක් වැවුවේ ය. ඔහු මිදි යුෂ බී, වෙරිමත් ව තම කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වූ හාම්, තම පියාගේ නග්න භාවය දැක, පිටත සිටි තම සහෝදරයින් දෙදෙනාට ඒ වග දැන්වී ය. එහෙත් එවිට ෂේම් හා යාෆෙත් සළුවක් ගෙන, එය ඔවුන්ගේ උරහිස්හි තබා පස්සෙන් පස්සට ගොස්, තම පියාගේ නග්න භාවය වැසූහ. එහෙත් ඔවුන්ගේ මුහුණු ඉවත හැරී තිබූ බැවින් ඔවුන් තම පියාගේ නග්න භාවය දුටුවේ නැත. මිදි යුෂ වෙරි මත සිඳුණු පසු අවදි වූ නෝවා, තම බාල පුතු තමාට කළ දේ දැන
උත්පත්ති 9:20-24 Sinhala Revised Old Version (SROV)
නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය. තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය. කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය. එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය. නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය.
උත්පත්ති 9:20-24 Sinhala New Revised Version (NRSV)
ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ. නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට
උත්පත්ති 9:20-24 Sinhala New Revised Version 2018 (SNRV)
ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය. ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය. එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ. නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට
උත්පත්ති 9:20-24 New International Version (NIV)
Noah, a man of the soil, proceeded to plant a vineyard. When he drank some of its wine, he became drunk and lay uncovered inside his tent. Ham, the father of Canaan, saw his father naked and told his two brothers outside. But Shem and Japheth took a garment and laid it across their shoulders; then they walked in backward and covered their father’s naked body. Their faces were turned the other way so that they would not see their father naked. When Noah awoke from his wine and found out what his youngest son had done to him