එස්රා හැඳින්වීම

හැඳින්වීම
මේ පොතේ ඇත්තේ, බබිලෝනියාවේ විප්‍රවාසගත වී සිටි ජුදෙව්වරුන් සමහර දෙනෙකු ආපසු සිය රටට පැමිණ ජෙරුසලමේ දේව මාලිගාවේ යළිත් නමස්කාරය ආරම්භ කිරීම පිළිබඳ විස්තරයකි. මේ විස්තරය කොටස් තුනකට බෙදිය හැකි ය. පළමුව, පර්සියාවේ සයිරස් නම් අධිරාජයාගේ නියෝගයක් අනුව බබිලෝනියේ විප්‍රවාසගත ව සිටි ජුදෙව්වරුන් කණ්ඩායමක් ආපසු සිය රටට පැමිණීම; දෙවනුව, දේව මාලිගාව යළිත් ගොඩනඟා කැප කොට දේව නමස්කාරය නැවත ආරම්භ කිරීම; තෙවනුව, අවුරුදු කීපයකට පසු, ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් ඇති එස්රාගේ නායකත්වය යටතේ තවත් ජුදෙව් කණ්ඩායමක් විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණීම හා එස්රාගේ අනුග්‍රහයෙන් සෙනඟගේ පැරණි ආධ්‍යාත්මික සම්ප්‍රදාය රැකෙන පරිදි ඔවුන්ගේ ආගමික හා සාමාජයික ජීවිතයට නව පණක් ලැබීම.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–2 විප්‍රවාසයෙන් මිදී පැමිණි ප්‍රථම කණ්ඩායම.
පරිච්ඡේද 3–6 දේව මාලිගාව ගොඩනඟා කැප කිරීම.
පරිච්ඡේද 7–10 එස්රා සෙසු සෙනඟත් සමඟ පැමිණීම.

දැනට තෝරාගෙන ඇත:

එස්රා හැඳින්වීම: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න