එස්රා 10:1-12

එස්රා 10:1-12 SNRV

මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ. එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ. ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු. නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය. එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ. එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි. එවිට විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි සියලු දෙන ම ජෙරුසලමට රැස් වන්නට කියා ප්‍රකාශනයක් ජුදා හා ජෙරුසලම මුළුල්ලේ පළ කරන ලදී. තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී. එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය. පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත. එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය. එවිට මුළු සභාව මහා හඬකින් පිළිතුරු දෙමින්, “එසේ ය, ඔබ කී ලෙස අප කළ යුතු ය.

මෙයට අදාළ වීඩියෝ