ද්විතීය නීති සංග්‍රහය 3:1-3

ද්විතීය නීති සංග්‍රහය 3:1-3 SNRV

“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ. සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක. “මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.

මෙයට අදාළ වීඩියෝ