ද්වීතීය කථාව 3:1-3
ද්වීතීය කථාව 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඊළඟට අපි බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළෙමු. බාෂාන්හි රජු වූ ඕග් ඔහුගේ මුළු හමුදාව ද කැටිව, එද්රෙයිහි දී අප හා යුධ වැදීමට අප හමුවට පෙරට ආවේ ය. ස්වාමින්වහන්සේ එවිට මා ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. මන්ද ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක. මෙසේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද අපේ අත්වලට බාර දුන් සේක. ඔවුන් ගසා හෙළූ අපි, ඒ එකකුදු ඉතිරි නො කළෙමු.
ද්වීතීය කථාව 3:1-3 Sinhala Revised Old Version (SROV)
එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය. ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට භයනොවන්න. මක්නිසාද මම ඔහු සහ ඔහුගේ මුළු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවා දුනිමි; හෙෂ්බොන්හි වාසයකළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔහුටත් කරන්නැයි කීසේක. එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.
ද්වීතීය කථාව 3:1-3 Sinhala New Revised Version (NRSV)
“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ. සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක. “මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.
ද්වීතීය කථාව 3:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ. සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක. “මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.
ද්වීතීය කථාව 3:1-3 New International Version (NIV)
Next we turned and went up along the road toward Bashan, and Og king of Bashan with his whole army marched out to meet us in battle at Edrei. The LORD said to me, “Do not be afraid of him, for I have delivered him into your hands, along with his whole army and his land. Do to him what you did to Sihon king of the Amorites, who reigned in Heshbon.” So the LORD our God also gave into our hands Og king of Bashan and all his army. We struck them down, leaving no survivors.