ද්විතීය නීති සංග්‍රහය 12:5-6
ද්විතීය නීති සංග්‍රහය 12:5-6 SNRV
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය. එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.

