2 රාජාවලිය හැඳින්වීම
හැඳින්වීම
රාජාවලියේ පළමු වන පොතේ අවසානයේ සිට, දෙකට බෙදී ගිය ඉශ්රායෙල් රාජ්‍යයේ ඉතිහාසය මේ පොතේ විස්තර කර තිබේ. මේ පොත කොටස් දෙකකට බෙදිය හැකි ය.
(1) ක්‍රි.පූ. 9 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට ක්‍රි.පූ. 721 දක්වා කොටස් දෙකකට කැඩී ගිය රාජ්‍යයන්ගේ ඉතිහාසය.
(2) උතුරු රාජ්‍යයේ වැටීමේ සිට ක්‍රි.පූ. 586 දී සිදු වූ ජෙරුසලමේ විනාශය දක්වා ජුදා රාජ්‍යයේ ඉතිහාසය.
මේ පොතේ අග සඳහන් කර ඇත්තේ බබිලෝනියවරුන් යටතේ ජුදාහි ආණ්ඩුකාරයා වශයෙන් ගෙදලියා පත් කිරීම පිළිබඳ විස්තරයක් සහ ජුදාහි ජෙහොයාකින් රජු බබිලෝනියාවේ සිරගෙයින් නිදහස ලැබීම පිළිබඳ වාර්තාවකි. මෙහි සඳහන් ජාතික විපතට මුල් වූයේ, ජුදාහි සහ ඉශ්රායෙල්හි රජවරුන් හා ජනතාව දෙවියන් වහන්සේ කෙරෙහි දැක්වූ අවිශ්වාසවන්තකම යි. ජෙරුසලම විනාශ කිරීම සහ ජුදාහි සෙනඟ විප්‍රවාසගත වීම ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයේ තීරණාත්මක පරිච්ඡේදයක් විය. මේ පොතේ විශේෂයෙන් කැපී පෙනෙන්නේ, එලියා වෙනුවට පත්වූ එලිෂා දිවැසිවරයා ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1–17:41 බෙදුණු රාජ්‍යය.
(අ) පරිච්ඡේද 1:1–8:15 එලිෂා දිවැසිවරයා.
(ආ) පරිච්ඡේද 8:16–17:4 ජුදාහි සහ ඉශ්රායෙල්හි රාජ්‍යයන්.
(ඉ) පරිච්ඡේද 17:5-41 සමාරියේ වැටීම.
පරිච්ඡේද 18:1–24:20 ජුදාහි රාජ්‍යය.
(අ) පරිච්ඡේද 18:1–21:26 හෙසකියා රජු සිට ජොසියා රජුගේ කාලය දක්වා.
(ආ) පරිච්ඡේද 22:1–23:30 ජොසියාගේ රාජ්‍ය කාලය.
(ඉ) පරිච්ඡේද 23:31–24:20 ජුදාහි අන්තිම රජවරු.
පරිච්ඡේද 25:1-30 ජෙරුසලමේ වැටීම.
දැනට තෝරාගෙන ඇත:
2 රාජාවලිය හැඳින්වීම: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න