2 රාජාවලිය 1:7-8

2 රාජාවලිය 1:7-8 SNRV

“ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.