1 සාමුවෙල් හැඳින්වීම

හැඳින්වීම
මේ පොතේ අපට කියවන්නට ලැබෙන්නේ වීරවරුන්ගේ වංශයෙහි අවසානයත්, රාජ වංශයේ ආරම්භයත්, පිළිබඳ කථාන්තරය වේ. සාමුවෙල් වීරවරයන්ගේ පරපුරෙහි අන්තිම වීරවරයා වශයෙන් සැලකෙතත්, පෙර සිටි වීරවරයන්ට වඩා ඔහු බෙහෙවින් වෙනස් කෙනෙක් වී ය. මන්ද, ඔහු දිවැසිවරයෙකු ද පූජකවරයෙකු ද වූ බැවිනි.
මේ පොතේ විශිෂ්ට පුද්ගලයන් තිදෙනෙකු ගැන විස්තර ඇත. එනම්, සාමුවෙල්, සාවුල් හා දාවිත් යන තිදෙනා ය. ඉශ්රායෙල් රාජ වංශය ආරම්භ වන්නේ, සාවුල් රජුගෙන් ය. ඔහුගේ ඇවෑමෙන් දාවිත් තෙමේ රජකමට පත් විය.
“දෙවියන් වහන්සේට කීකරු වීමෙන් ජය අත් වේ: අකීකරු වීමෙන් පරාජය ඇති වේ” යනු පොතේ තේමාව ය. මෙය 2:30 වන පදයෙන් පැහැදිලි ව ප්‍රකාශ වේ: “මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි; මට ද්වේෂ කරන්නන්ට මම ද්වේෂ කරමි.”
දෙවියන් වහන්සේ රාජයාණන් වශයෙන් සලකනු ලැබූ බැවින්, ඉශ්රායෙල් පාලනය කිරීමට අන් රජෙකු පත් කිරීමට මුලින් මැලිකමක් තිබුණ ද, සෙනඟගේ බලවත් ඉල්ලීම නිසා රජ කෙනෙක් දේව අනුමැතියෙන් ම පත් කරනු ලැබී ය. එහෙත්, දෙවියන් වහන්සේ සලකන ලද්දේ රාජාතිරාජයාණන් වශයෙනි. රජතුමාත්, සෙනඟත් ජීවත් වූයේ දෙවියන් වහන්සේගේ පාලනය යටතේ ය (2:7-10). දෙවියන් වහන්සේගේ නියෝග අනුව දුප්පත් පොහොසත් සෑම කෙනෙකුගේ ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජවරුන්ගේ යුතුකම විය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–7 සාමුවෙල් ඉශ්රායෙල් පාලනය තම අතට ගැනීම.
පරිච්ඡේද 8–10 සාවුල් රජකමට පත් වීම.
පරිච්ඡේද 11–15 සාවුල්ගේ රජකමේ ප්‍රථම වසර.
පරිච්ඡේද 16–30 දාවිත් සහ සාවුල්.
පරිච්ඡේද 31 සාවුල් සහ ඔහුගේ පුත්‍රයන්ගේ මරණ.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් හැඳින්වීම: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න