රෝම 10:8-16

රෝම 10:8-16 NRSV

එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: “වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ. ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය. මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය. “උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක. මන්ද: “සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද? යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.

රෝම 10 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 10:8-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය