ගීතාවලිය 95
95
දෙවිඳුන් නැමදීමේ ගීයක්
1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු;
අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු;
එතුමන් හට ජය මංගල ගී ගයමු.
3මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක;
උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.
4මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය;
කඳු ශිඛර එතුමන්ගේ ය.
5එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය;
එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.
6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු;
අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7 #
හෙබ්‍රෙ 3:15; 4:7 #
හෙබ්‍රෙ 3:7-11
එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය.
අපි එතුමන්ගේ සෙනඟ ය;
එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය.
එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8 #
නික්ම 17:1-7; ගණන් 20:2-13 “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය.
මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
10සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි:
‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.
11 #
ගණන් 14:20-23; ද්වි.නී. 1:34-36; 12:9-10; හෙබ්‍රෙ 4:3-5 කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 95: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society