ගීතාවලිය 4
4
පිහිට පතා සවස යැදුම
දාවිත්ගේ ගීතයකි.
1මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව.
විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව.
2මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද?
නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?
3සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න.
එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක.
4 #
එපී 4:26
බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න;
සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න.
5නියමිත පූජා සමිඳුන්ට පුදන්න;
එතුමන් කෙරේ විශ්වාසය තබන්න.
6“අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති.
සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.
7ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.
8මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි.
මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 4: NRSV
සළකුණු කරන්න
පිටපත් කරන්න
සසඳන්න
බෙදාගන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society