ගීතාවලිය 126
126
මුදනු ලැබූ අයගේ ස්තුති ගීය
1සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.
2එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු;
ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු.
එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
3සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක;
එබැවින් අපි සන්තෝෂ වමු.
4සමිඳුනි, අපේ සිරකරුවන්#126:4සමෘද්ධිය යන අදහස ද ඇත. දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
5දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.
6ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 126: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society