හිතෝපදේශ හැඳින්වීම
හැඳින්වීම
හැම වැදගත් ජාතියකට ම සංස්කෘතික ඉතිහාසයක් ඇත. කාලාන්තරයක් මුළුල්ලෙහි පරම්පරානුගත ව පැවත එන උදාර සිතුම් පැතුම් මාලාවක් ද ඒ සංස්කෘතියට එකතු වෙයි. ආප්තෝපදේශ, හිතෝපදේශ, සුභාෂිත, අවවාදානුශාසනා ආදී කෘතිවල නිදන් වී ඇත්තේ, ඒ කියුම් මාලාව යි.
ජුදෙව් ඉතිහාසය පිළිබඳ ව ද මේ සත්‍යය පැහැදිලි ව පෙනේ. විශේෂ ලෙස, බයිබලයේ හිතෝපදේශ නමින් ප්‍රකට කෘතිය වූ කලී, ජනතාවගේ චින්තකයන්, දර්ශනවාදීන්, අනුශාසකයන් හා සම්භාවනීය ධර්මදේශකයන් පැවසූ උදාර කියුම්වලින් සමන්විත වූවකි.
“දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ” යන අති උදාර ධර්මතාව මුල්තැන තබා, ලෝකය, සමාජය, විවාහය, දෙමව්පිය දරු සම්බන්ධය, අධිකරණය, පරිපාලන ක්ෂේත්‍රය සහ අල්ලස් උවදුර, දිළිඳුන් තළා පෙළා සූරාකෑම වැනි සමාජ දූෂණ, පිළිබඳ ගැඹුරු අදහස් ගැබ් වූ හිතෝපදේශ රාශියක් ම මේ කෘතියෙහි දක්නට ඇත. නිහතමානීකම, ඉවසීම, දිළිඳුන් කෙරෙහි දයානුකම්පාව, මිතුරු දහම යන ගුණ දහම් මේ හිතෝපදේශ මඟින් විදහා පාන අතර සත්ගුණවත්, උදාර බිරිඳකගේ චරිතය සිතුවම් කිරීමෙන් පොත අවසන් වෙයි.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ හැඳින්වීම: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society