හිතෝපදේශ 30
30
ආගුර්ගේ ඔවදන්
1පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය:
දෙවිඳුන් මා සමඟ නැත.
මා සමඟ නැත.
මම අසරණයෙක්මි.
2මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි.
මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.
3මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි;
දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.
4සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද?
සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක් ද?
සිය සළුවෙහි ජලය ඔතාගත්තේ කවරෙක් ද?
මහ පොළොවේ සීමා පිහිටෙව්වේ කවරෙක් ද?
ඔහුගේ නම කුමක් ද?
ඔහුගේ පුත්‍රයාගේ නම කුමක් ද?
නුඹ එවැනි කෙනෙකු දන්නෙහි ද?
5දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ;
දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.
6එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න;
එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත.
ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත.
7මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත;
මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.
8වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව.
මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව.
මට වුවමනා පමණට ආහාර දුන මැනව.
9එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.
10මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.
11සිය මුතුන්මිත්තන්ට දෙස් කියන, සිය මවුවරුන්ට සෙත් නොපතන, මිනිසුන් ඇත.
12තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.
13අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.
14මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.
15“දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත.
“ඇති, ඇති” කියන, තෘප්තියට නොපැමිණෙන දේවල් තුන හතරක් ඇත.
16එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.
17පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත.
18මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.
19එනම්, අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවත ද කඳු මත සර්පයා යන පාර ද මහ සයුරේ නැව් යන මඟ ද ළඳක සමඟ මිනිසෙකුගේ පෙම් මාවත ද යන මේවා ය.
20වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේ ය:
ඈ කම්සැපෙහි යෙදුණු පසු ඇඟපත සෝදාගෙන, “මා කළ වරදක් නැතැ”යි කියන්නී ය.
21මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත.
22එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද
23පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.
24කුඩා වුව ද ඉතා නැණවත් ජාති සතරක් ලොව සිටිති.
25කුරාකුහුඹුවෝ දුබල සත්තු ය;
එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.
26බෙන් හාවෝ බෙලහීන සත්තු ය;
එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.
27පළඟැටියන්ට රජෙක් නැත;
එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති.
28හූනා අතින් අල්ලාගත හැකි සතෙකි;
එහෙත් ඌ රජ මැදුරුවල සැරිසරයි.
29අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති.
අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති.
30එනම්, මෘගයන් අතර ඉතා බලවත්, කිසිවෙකු වෙතින් අහකට හැරී නොයන සිංහ රාජයා ද
31කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.
32නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.
33කිරි කැලැත්තීමෙන් වෙඬරු සෑදෙයි, නහය මිරිකීමෙන් ලේ ගලා එයි, උදහස ඇවිස්සීමෙන් අඬදබර හටගනියි.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 30: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: