හිතෝපදේශ 2
2
ප්‍රඥාව ගැන ප්‍රශංසා
1මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න;
මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න.
2ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න.
3නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න.
4රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න;
සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න.
5එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි.
දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.
6මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි.
දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
7සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක;
සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක.
8සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක;
බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.
9මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.
10ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි;
දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.
11සිහි නුවණ ඔබ රැකවල් කරයි;
තියුණු නැණ ඔබ රැකගනියි.
12එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි;
13අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි.
14ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය;
ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය;
15ඔවුන්ගේ ක්‍රියා වංක ය;
ඔවුන්ගේ මාවත් ඇද ය.
16ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,
17පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය.
18ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි;
ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි.
19ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත;
ජීවන මාවත්වලට යළි පැමිණෙන්නේ නැත.
20මෙය මා කියන්නේ, නුඹ යහ මඟ හැසිර, දැහැමි මඟ ඇවිදින පිණිස ය.
21අවංක අය මිහි පිට දිගු කල් වසති;
නිදොස් අය එහි යෙහෙන් කල් යවනු ඇත.
22එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති;
ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 2: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society