හිතෝපදේශ 18

18
1හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි;
කවර උවදෙසකට වුව ද කිපෙයි.
2අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි;
ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි.
3දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත;
ගෞරවය නැති තැන ලජ්ජාව ඇත.
4මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය.
5විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.
6මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.
7අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ;
ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.
8කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
9අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.
10සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි;
දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.
11පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.
12විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත;
ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
13පිළිතුරු දීමට පෙර සවන් දෙන්න;
නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
14මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි;
එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද?
15බුද්ධිමත් සිත දැනුම ලබාගනියි;
නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.
16ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි;
ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි.
17උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.
18පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
19සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය;
සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.
20මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය.
ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත.
21ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත;
ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.
22බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී;
දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි.
23දිළිඳා නම් බැගෑපත් ව අයැදියි;
ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.
24සමහර මිතුරෝ කලකට පමණ ය.
සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 18: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න