හිතෝපදේශ 17
17
1අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.
2නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි.
සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.
3රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත;
මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.
4නපුරා නපුරු කතාවලට කන් දෙයි;
බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.
5දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි.
අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.
6මහලු වියේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝ ය.
දරුවන්ගේ පාරට්ටුව නම් ඔවුන්ගේ පියවරු ය.
7හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි;
හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.
8සමහරු අල්ලස සිතුමිණකැ යි සිතති;
හැරෙන හැරෙන අතට ඔහුට වාසනාව ඇතැ යි කල්පනා කරති.
9අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි;
එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි.
10අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි.
11නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය;
එබැවින් ඔහු වෙත නපුරු දූතයෙකු එනු නියත ය.
12මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.
13කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.
14නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය;
වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
15දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.
16දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?
17මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය;
සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.
18අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.
19දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි;
නිතර පුරසාරම් දොඩන්නා කරදරයට දොර අරියි.
20වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.
21අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.
22සතුටු සිත මහා ඖෂධයකි;
බිඳුණු සිතකින් ඇඟපත වැහැරී යයි.
23දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති;
ඉන් යුක්තිය අයුක්තියට පෙරළති.
24දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය;
එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.
25අනුවණ පුතා සිය පියා හට ශෝකයකි, වැදූ මවට දුකකි.
26දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය;
උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.
27දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත;
තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.
28මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ;
කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 17: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: