හිතෝපදේශ 15
15
1මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි;
රළු පරුස වදන තරහ අවුස්සයි.
2පැණවතාගේ බස් දැනුම පතුරුවයි;
අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.
3සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.
4මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.
5මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි.
ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.
6සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය;
දුදනන්ගේ වස්තුව කරදර උපදවයි.
7පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි;
අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.
8දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි;
සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.
9දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි;
යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක.
10යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත;
අවවාදය නුරුස්සන අය නසිනු ඇත.
11පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත;
එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?
12උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි;
ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි.
13සතුටු සිත මුහුණ එළිය කරයි;
සෝ දුක සිත දෙදරවයි.
14නැණැතියෝ දැනුම සොයා යති;
අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති.
15පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි;
සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි.
16කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
17වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
18වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි;
ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
19අලසයාට පාර කටු මාවතකි;
අවංක අයට එය රජ මාවතකි.
20නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි;
එහෙත් අනුවණයා මව හෙළා දකියි;
21අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි;
එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.
22උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි;
බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.
23සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි;
තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
24නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.
25සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක;
වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.
26දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි;
පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.
27ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි;
අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.
28දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි;
නොදැහැමියා වහා පිළිතුරු දෙයි;
එයින් කරදර ගොඩක් ඇති වෙයි.
29සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක;
එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.
30සිනහා මුහුණ මන පිනවයි;
සුබ පුවත් ඇඟපතට සුව සැප දෙයි.
31යහපත් අවවාදයට කන් දෙන තැනැත්තේ, නැණවතුන් අතර නැණවතෙකි.
32අවවාද එපා කරන මිනිසා තමාට ම සතුරෙක් වෙයි.
උවදෙස් අසන්නා වැඩි වැඩියෙන් නැණනුවණ ලබයි.
33දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි;
යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 15: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society