හිතෝපදේශ 14
14
1නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය;
අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
2අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි;
වංක මිනිසා එතුමන් හෙළා දකියි.
3මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි;
ප්රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.
4ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත;
ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.
5විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි:
බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.
6උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි;
බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.
7අඥානයා කෙරෙන් ඈත් වන්න;
ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.
8නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති;
අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
9අනුවණයාට පාපය සෙල්ලමකි;
අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.
10ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය;
අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.
11දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත;
අවංක අයගේ නිවෙස පවතිනු ඇත.
12 #
හිතෝ 16:25
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
13සිනාවේ පවා සිත් තැවුලක් විය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි;
සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.
15නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි;
උගතා තම පියවර හොඳින් විමසා බලයි.
16ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි;
අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
17වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි.
එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
18අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි;
එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.
19නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති;
දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.
20දිළින්දාට කිසි ම හිතවතෙක් නැත;
පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.
21කෙනෙකු හෙළා දැකීම පාපයකි;
දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.
22නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි;
යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.
23වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ;
කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.
24නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ;
අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.
25සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි;
බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.
26දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත;
ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
27දේව ගරුබිය ජීවන උල්පතකි;
එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
28රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය;
සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
29කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි;
වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
30නිසල් සිත, ගතට සුවය දෙයි;
ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.
31දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි;
දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
32දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි;
ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.
33නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.
34ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි;
කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.
35කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති;
යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 14: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society
හිතෝපදේශ 14
14
1නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය;
අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
2අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි;
වංක මිනිසා එතුමන් හෙළා දකියි.
3මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි;
ප්රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.
4ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත;
ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.
5විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි:
බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.
6උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි;
බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.
7අඥානයා කෙරෙන් ඈත් වන්න;
ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.
8නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති;
අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
9අනුවණයාට පාපය සෙල්ලමකි;
අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.
10ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය;
අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.
11දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත;
අවංක අයගේ නිවෙස පවතිනු ඇත.
12 #
හිතෝ 16:25
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
13සිනාවේ පවා සිත් තැවුලක් විය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි;
සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.
15නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි;
උගතා තම පියවර හොඳින් විමසා බලයි.
16ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි;
අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
17වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි.
එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
18අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි;
එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.
19නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති;
දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.
20දිළින්දාට කිසි ම හිතවතෙක් නැත;
පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.
21කෙනෙකු හෙළා දැකීම පාපයකි;
දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.
22නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි;
යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.
23වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ;
කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.
24නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ;
අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.
25සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි;
බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.
26දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත;
ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
27දේව ගරුබිය ජීවන උල්පතකි;
එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
28රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය;
සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
29කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි;
වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
30නිසල් සිත, ගතට සුවය දෙයි;
ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.
31දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි;
දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
32දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි;
ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.
33නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.
34ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි;
කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.
35කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති;
යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.
දැනට තෝරාගෙන ඇත:
:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society