පිලිප්පි 3:10-16

පිලිප්පි 3:10-16 NRSV

මට ඕනෑ එක ම දේ නම් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැනගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන් වහන්සේගේ දුක්වේදනාවලට පංගුකාර වීමත්, යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය. මේ සියල්ල දැනට ම මට ලැබී තිබෙන බවක් වත්, දැනට ම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි. සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි. එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නම්, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත. කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.

පිලිප්පි 3:10-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය