ගණන් කථාව 8:5-7

ගණන් කථාව 8:5-7 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න. ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.