ගණන් කථාව 13:18-20
ගණන් කථාව 13:18-20 NRSV
කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද? ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද? ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.

