ශුද්ධවර ලූක් 8:52-55

ශුද්ධවර ලූක් 8:52-55 NRSV

සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක. ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ. එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක. එවිට ඇගේ ප්‍රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.