ශු. ලූක් 8:52-55
ශු. ලූක් 8:52-55 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියල්ලන් ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක. ඇගේ ප්රාණය ආපසු හැරී ආයෙන්, ඈ එක්වන ම නැගී සිටියා ය. ඇයට කෑමට යමක් දෙන්නැයි උන්වහන්සේ කී සේක.
ශු. ලූක් 8:52-55 Sinhala Revised Old Version (SROV)
සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක. ඔව්හු ඈ මළ බව දැන, උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුණෝය. නුමුත් උන්වහන්සේ ඇගේ අත අල්ලා: යෞවනිය, නැගිටින්නැයි ශබ්දනගා කීසේක. එවිට ඇගේ ආත්මය හැරී ඇවිත්, ඈ එකෙණෙහිම නැගුටුණාය. ඈට කන්ට දෙන ලෙස උන්වහන්සේ අණදුන්සේක.
ශු. ලූක් 8:52-55 Sinhala New Revised Version (NRSV)
සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක. ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ. එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක. එවිට ඇගේ ප්රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.
ශු. ලූක් 8:52-55 Sinhala New Revised Version 2018 (SNRV)
සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක. ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ. එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක. එවිට ඇගේ ප්රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.
ශු. ලූක් 8:52-55 New International Version (NIV)
Meanwhile, all the people were wailing and mourning for her. “Stop wailing,” Jesus said. “She is not dead but asleep.” They laughed at him, knowing that she was dead. But he took her by the hand and said, “My child, get up!” Her spirit returned, and at once she stood up. Then Jesus told them to give her something to eat.