ජෝෂු 12
12
මෝසෙස් පරාජය කළ රජවරුන්
1 #
ගණන් 21:21-35; ද්වි.නී. 2:26—3:11 නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය. 2හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද 3නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය.
4රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. 5ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය.
6 #
ගණන් 32:33; ද්වි.නී. 3:12 සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.
ජෝෂුවා පරාජය කළ රජවරුන්
7බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය. 8මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි. 9පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ; 10ජෙරුසලමේ රජ; හෙබ්‍රොන්හි රජ; 11ජර්මුත්හි රජ; ලාකීෂ්හි රජ; 12එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ; 13දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ; 14හොර්මාහි රජ; අරාද්හි රජ; 15ලිබ්නාහි රජ; අදුල්ලහි රජ; 16මක්කේදාහි රජ; බෙතෙල්හි රජ; 17තප්පුවාහි රජ; හේපෙර්හි රජ; 18අපෙක්හි රජ; ලෂ්-ෂාරොන්හි රජ; 19මාදොන්හි රජ; හාශොර්හි රජ; 20ෂිම්රොන්-මෙරොන්හි රජ; අක්ෂාප්හි රජ; 21තයනාක්හි රජ; මෙගිද්දෝහි රජ; 22කෙදෙෂ්හි රජ; කර්මෙල්ට අයිති ජොක්නෙයාම්හි රජ; 23දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා 24තිර්ශාහි රජ ය. සියලු රජවරු තිස්එක්දෙනෙක් වූ හ.
දැනට තෝරාගෙන ඇත:
ජෝෂු 12: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society