ජෝෂු 12:1-6
ජෝෂු 12:1-6 NRSV
නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය. හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය. රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.

