හොසියා 11
11
ද්රෝ්හි සෙනඟට දෙවියන් වහන්සේගේ ප්‍රේමය
1 #
නික්ම 4:22; මතෙ 2:15 “ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි;
මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
2මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය.
ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ;
කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.
3එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය.
දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය.
එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.
4දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි.
ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි;
පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.
5“ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත. 6ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත. 7ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.
8 #
ද්වි.නී. 29:23
“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද?
ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද?
මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද?
ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද?
එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි.
ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
9දැඩි කෝපයට මම ඉඩ නොදෙමි.
මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි.
මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි.
ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත.
කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.
10“ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය. 11ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන් ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.”
ඉශ්රායෙල්ට හා ජුදාට විරුද්ධ චෝදනා
12“එප්‍රායිම් බොරුවෙන් ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන් ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.
දැනට තෝරාගෙන ඇත:
හොසියා 11: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society