2 සාමුවෙල් 4:1-3

2 සාමුවෙල් 4:1-3 NRSV

අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි. බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.