2 සාමුවෙල් 4:1-3
2 සාමුවෙල් 4:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අබ්නේර් හෙබ්‍රොන්හි දී මියැදී ඇති වග සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැල වූ කල, ඔහුගේ දිරිය සිඳී ගියේ ය. මුළු ඉශ්රායෙලය ම තැති ගැණින. සාවුල්ගේ පුත්‍රයාට ආක්‍රමණ කණ්ඩායම් නායකයින් වූ මිනිසුන් දෙදෙනෙක් සිටියහ. එක් කෙනකුගේ නම බානා ය. අනෙකා රේකාබ් ය. ඔවුහු බෙන්යමින් වංශයේ බෙයේරොතීය රිම්මෝන්ගේ පුත්තු ය. මෙකල බෙයේරොත්, බෙන්යමින් දේශයේ කොටසක් වශයෙන් සලකනු ලැබිණ, කලින් සිටි බෙයේරොතීය ජනයා ගිත්තයිම් වෙත පලා ගොස්, මේ දවස දක්වාත් එහි විදේශී ව වෙසෙන්නාහු බැවිනි.
2 සාමුවෙල් 4:1-3 Sinhala Revised Old Version (SROV)
අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය. සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ. බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)
2 සාමුවෙල් 4:1-3 Sinhala New Revised Version (NRSV)
අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි. බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.
2 සාමුවෙල් 4:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ. සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි. බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.
2 සාමුවෙල් 4:1-3 New International Version (NIV)
When Ish-Bosheth son of Saul heard that Abner had died in Hebron, he lost courage, and all Israel became alarmed. Now Saul’s son had two men who were leaders of raiding bands. One was named Baanah and the other Rekab; they were sons of Rimmon the Beerothite from the tribe of Benjamin—Beeroth is considered part of Benjamin, because the people of Beeroth fled to Gittaim and have resided there as foreigners to this day.