පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි. පුරුෂයා ඇති වූයේ ස්ත්‍රියගෙන් නොවේ. ස්ත්‍රිය ඇති වූයේ පුරුෂයාගෙන් ය. පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ. ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසා ය. එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය. ඒ කෙසේ වෙතත් කිතුනු ජීවිතයෙහි, ස්ත්‍රියට පුරුෂයා ද පුරුෂයාට ස්ත්‍රිය ද අවශ්‍ය ම ය. ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන් ය. සියල්ල දෙවියන් වහන්සේගෙන් ය.
1 කොරින්ති 11 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 11:7-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ