1 වංශාවලියේ 13

13
ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙන ඊම
(2 සාමු 6:1-11)
1දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්, 2මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා, 3අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය. 4මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය.
5 # 1 සාමු 7:1-2 ඒ නිසා, දාවිත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ෂිහෝර් ඔය පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. 6#නික්ම 25:22 කෙරුබ්වරුන් අතරේ වැඩ සිටින සමිඳාණන් වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ජුදාට අයිති බාලා නම් වූ කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු ද එහි ගියෝ ය. 7ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය. 8දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.
9කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය. 10එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය. 11සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.
12ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය. 13ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය. 14#1 වංශා 26:4-5 එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.

දැනට තෝරාගෙන ඇත:

1 වංශාවලියේ 13: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න