ගීතාවලිය 44:1-5

ගීතාවලිය 44:1-5 SROV

දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය. ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක. මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය. දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව. ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව. අපට විරුද්ධව නැගිටින්නන් ඔබගේ නාමය කරණකොටගෙන පාගා දමන්නෙමුව.