ගීතාවලිය 44:1-5

ගීතාවලිය 44:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ දෙවියන්වහන්ස, අපේ ම කන්වලින් අප අසා තිබේ; ඈත අතීත දවස්වල ඔවුන්ගේ කාලයේ ඔබ කළ ක්‍රියා ගැන, අපේ පියවරු අපට පවසා තිබේ. ඔබගේ හස්තයෙන් ජාතීන් පලවා හළ ඔබ, අපගේ පියවරුන් එහි පැලපදියම් කළ සේක. එම ජනයාට පීඩා කළ ඔබ, අප පියවරුන් නිදහස් කළ සේක. මන්ද ඔවුන් දේශය දිනා ගත්තේ, ඔවුන්ගේ ම අසිපත්වලින් නො වේ; ඔවුන් ගැලවුණේ ඔවුන්ගේ බාහුවෙන් නො වේ. ඔබගේ දකුණතිනි; ඔබගේ බාහුවෙනි; ඔබගේ මුහුණේ ආලෝකයෙනි; මන්ද ඔබ ඔවුන් ගැන ප්‍රමෝද වූ බැවිනි. ඔබ මගේ රජ්ජුරුවෝ ය; මගේ දෙවියන්වහන්සේ ය; යාකොබ් වංශයට ජය නියම කරන්නාණෝ ය. අප අපගේ සතුරන් පරදා යවන්නේ, ඔබගේ අනුහසිනි; අප අපගේ එදිරිවාදීන් පාගා දමන්නේ, ඔබගේ නාමයේ අනුහසිනි.

ගීතාවලිය 44:1-5 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය. ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක. මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය. දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව. ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව. අපට විරුද්ධව නැගිටින්නන් ඔබගේ නාමය කරණකොටගෙන පාගා දමන්නෙමුව.

ගීතාවලිය 44:1-5 Sinhala New Revised Version (NRSV)

දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත. ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක. ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි. ඔබ මාගේ රජිඳාණෝ ය; ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක. ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු; ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු.

ගීතාවලිය 44:1-5 Sinhala New Revised Version 2018 (SNRV)