ගීතාවලිය 37:27-28

ගීතාවලිය 37:27-28 SROV

නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.