ගීතාවලිය 118
118
පාස්කු මංගල්‍ය ස්තුති ගීයක්
1 ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
2උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
3උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.
4 ස්වාමීන්ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.
5මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි.
ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.
6 ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය;
භය නොවන්නෙමි.
මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
7මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.
එබැවින් මට වෛරවන්නන්ට මාගේ ආශාව සිද්ධවෙනවා දකින්නෙමි.
8මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
9අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
10සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය.
ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.
11ඔව්හු මා වටකළෝය;
එසේය, මා වටකළෝය.

12ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය;
කටු දර ගින්නක් මෙන් නිවීගියෝය.
ස්වාමීන්ගේ නාමයෙන් ඔවුන් සිඳදමන්නෙමි.
13වැටෙන පිණිස නුඹ තදින් මා නෙරපූයෙහිය.
නුමුත් ස්වාමීන්වහන්සේ මට පිහිටවූසේක.
14 ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය;
උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක.
15ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය.
ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.
16 ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය.

17මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
18 ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක.
නුමුත් මා මරණයට පාවා නුදුන්සේක.
19මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්.
මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි.
20 ස්වාමීන්ගේ දොරටුව මේය;
ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල්වන්නෝය.
21මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක.
22ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.
23මේක ස්වාමීන්ගේ ක්‍රියාවය;
එය අපේ ඇසට ආශ්චර්යමත්ය.
24 ස්වාමීන් විසින් සෑදූ දවස මේය;
එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
25 ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව.
ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව.
26 ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය.
ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.
27 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක.
පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
28ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි.
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
29 ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 118: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: